News Line| Off Air
Generic placeholder image

Jan
3

සිදු වූ වරදකට පාප් වහන්සේ කිතුණු ලෝකයාගෙන් සමාව අයදී

986 Views


සිදු වූ වරදකට පාප් වහන්සේ  කිතුණු ලෝකයාගෙන් සමාව අයදී

ඉවසීම නොමැතිකමෙන් සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව අයැද තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන් වෙත නව වසරට ආශිර්වාද කරමින් සිටි අවස්ථාවේදී උන්වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටි කාන්තාවක් සම්බන්ධ සිදුවීමක (පහර කෑමට ලක් වූ) වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රචාරය වූයේ කිතුණු ලෝකය කළඹවමින්.

පාප් වහන්සේ ගේ මෙම හැසිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ අතර සිදු වූ වරදට වතිකානුවේ සිට උන් වහන්සේ සමාව ඇයැද තිබෙනවා.

එම සිදුවීම උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් ඉවසීම නොමැති කමින් අපේ කරුණාවන්ත බව ගිලිහෙන අවස්ථාවන් බොහොමයක් වන බව පැවසූ උන්වහන්සේ ප්‍රේමය ඉවසීම ප්‍රගුණ කිරීමට ඉවහල් වන බව පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post