News Line| Off Air
Generic placeholder image

Jan
3

කොටස් හුවමාරුව විසින් හදුන්වා දුන් නවතම ජංගම දුරකථන යෙදුම

746 Views


කොටස් හුවමාරුව විසින් හදුන්වා දුන් නවතම ජංගම දුරකථන යෙදුම

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වා දී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලද අතර මේ තුලින් Android සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ අංගයන්ගෙන් මෙම නවතම යෙදුම යුක්ත වීම නිසා ආයෝජකයින්ගේ අභිරුචිය මත නිවේදන (notifications) ලබාගැනීම, මිල විශ්ලේෂණ මෙවලම් (analytical tools), අධ්‍යාපනික තොරතුරු, පසුගිය වර්ෂයන්හි කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු මිල දර්ශක වල සහ සියලු කොටස් වල අතීත මිල හැසිරීම් රටාවන් මේ හරහා ලබාගත හැකි අතර ආයෝජනයේදී ආයෝජකයින්ගේ මධ්‍යම තැන්පතු ගිණුම් (CDS Account) මෙම යෙදුම හරහා පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකිවීම ද සුවිශේෂී වෙනවා.

සිංහල, දමිල සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගත හැකි අතර යාවත්කාලින වෙළෙඳපොළ දත්ත එසැනින් ලබාගැනීමේ පහසුකම් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post