News Line| Off Air
Generic placeholder image

Jan
3

චූටියා එස්.ටී.එෆ් අත්අඩංගුවට

1317 Views


චූටියා එස්.ටී.එෆ් අත්අඩංගුවට

අම්බලන්ගොඩ – වතුගෙදර – ආදාදොළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා.

මොහු දැනට බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු සමග සමීප සබඳතා පවත්වමින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කිරීම සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් ද සිදුකර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

චූටියා නමැති මෙම සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදා හැරුණු අයෙක් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post