News Line| Off Air
Generic placeholder image

Jan
4

‘‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’’ තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරෙයි

1233 Views


‘‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’’ තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරෙයි

‘‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’’ තේමාව යටතේ අභිමානවත් අන්දමින් 72 වන ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව සියයට 30 කින් අඩු කිරීමටත්, තේමාවට ගැලපෙන ලෙස සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමුව ඇති බව සදහන්.

ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකටම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැලයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමි ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන හැසිරවීම සහ පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීම ද සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී දැනුම් දෙනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post