තිස් වසරක යුද්ධය නිමා කිරීම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන්ද අගයකළ යුතු නිහඬ සේවයක් ඉටු වු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කොළඹදී ඊයේ (03) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ ඔවුන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ බොරැල්ල YMBA ශාලාවේදීයි.
එම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.