ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ය් 12 වර්ගයේ ගුවන් යානය අනතුරට ලක්වී මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය අද (04) සිදු කිරිමට නියමිතව තිබෙනවා.
මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර මේ වන විට බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (03) පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වුණා.
මෙම ගුවන් යානය අනතුරට ලක්වන විට එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් සියලුදෙනාම ජීවිතක්ෂයට පත් වුණා.