මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රය ඇතුළු ප්‍රදේශ වලට හෙට දිනයේ උදැසන 09.00 සිට පැය 24 කාලයක් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසනවා.