ඉරානයේ හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ගෙන තවත් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර මිට අමතරව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා භට පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ පිලිබදව අදහස් දක්වමින් ඉරාන ජනපතිවරයා සදහන් කරන්නේ සිය හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ඇමෙරිකාවට ඉතා දරුණු වන බවයි.