මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගාල්පිටිය, බාසියාවත්ත, පමුණුගම ප්‍රදේශය, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රය ඇතුළු ප්‍රදේශවලට අද උදෑසන 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ මීගමුව බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා කටාන ව්‍යාපෘතිය මඟින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් මෙලෙස ජාල සැපයුම අත් හිටවනු ඇති.