News Line| Off Air
Generic placeholder image

Jan
6

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශ සටහන් කර ගැනීම ළගදීම

696 Views


පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රීගේ  ප්‍රකාශ සටහන් කර ගැනීම ළගදීම

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට හෝ අනිද්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් ඔහු මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා තවමත් දින ලබාදී නොමැති බවත් ඔහු පැවැසු අතර පාස්කු ප්‍රහාරයට අදාළව අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ඔහු සඳහන් කලා.

ඊට අමතරව හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහතුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post