පසුගියදා අමෙරිකාව විසින් ඉරානයේ විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට විරෝධය පල කරමින් එරට වැසියන්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන අයකුට ඩොලර් මිලියන 80 මුදලක් ලබා දෙන බව සදහන් කර තිබෙනවා.
එමෙන්ම 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය අවධාරණය කර තිබෙන්නේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉරානය කිසියම් අයුරකින් සිය රටට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.