නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළා.
මේ වනවිට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටිනවා. මේ අතර දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වුණා.