පසුගිය නොවැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව් ගිනි වලින් හෙක්ටයාර මිලියන 03 කට වඩා ගිනිගත් බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදය පිලිබද මහාචාර්ය කි‍්‍රස් ඩික්මන් මහතා පවසනවා. ඔහුගේ පරීක්‍ෂණ වලට අනුව මෙම ලැව් ගිනි හේතුවෙන් ක්‍ෂීරපායින්, උරගයින් සහ පක්‍ෂීන් මිලියන 480 ක් පමණ මිය යන්නට ඇති බව සදහන්.
මෙහිදී කෝලා සතුන් විශාල ප‍්‍රමාණයක් විනාශ වීම පිලිබද කාගේත් අවධානය යොමු වුණා. මෙම ලැව්ගිනි හේතුවෙන් කෝලා සතුන්ගේ වාසස්ථාන විශාල ප‍්‍රමාණයක් විනාශ වී තිබෙන බව කි‍්‍රස් ඩික්මන් මහතා පෙන්වා දෙනවා.
එහෙත් මියයෑමට නොදී ගින්නෙන් බේරාගත් කෝලා සතුන් දිගු කාලයක් මිනිස් බාරයේ තබාගැනීම මෙම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගැනීමට අමාරු කරුණක් වනවා.
ලැව්ගින්න හේතුවෙන් උතුරු වෙරළ තීරයේ පවතින කෝලා වාසස්ථාන වලින් තුනෙන් එකක් පමණ විනාශ වන්නට ඇති බව ස්වාභාවික සංරක්‍ෂණ කවුන්සිලය පෙන්වා දෙනවා.
මේ පිලිබද අදහස් දක්වන ඕස්ට්‍රේලියාවේ පාරිසරික අමාත්‍යවරිය පවසන්නේ මෙම බේරාගත් කෝලා සතුන් වෙනත් ප‍්‍රදේශයකට ගෙන යා නොහැකි බවයි. මේම කෝලා සතුන්ට නැවත ඔවුන්ගේ වාස භූමිය හදුන්වාදෙන්නේ කෙසේද යන්න ඊලග ප‍්‍රශ්නය බව ඇය පවසනවා.
කෝලා සතුන්ට විවිධ තත්ත්වයන්ට අනුවර්ථනය වීමට නොහැකි අතර ඔවුන්ට ජීවත් වීම සදහා එකම ප‍්‍රදේශයක් සහ එකම ගස් අවශ්‍ය වනවා.
මෙහි ප‍්‍රථිපලයක් ලෙස මෙම කෝලා සතුන් ඔවුන්ගේ පිලිස්සුනු වාසස්ථාන යථා තත්ත්වයට පත්වන තුරු ඔවුන් මෙම බේරාගත් නිවෙස් වලම තබා ගැනීම සුදුසු බව මෙම බලධාරීන් පවසනවා.