News Line| Off Air
Generic placeholder image

Jan
6

කොටවෙහෙර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

1527 Views


කොටවෙහෙර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

කුරුණෑගල කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාලව රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිඛෙනවා.

නිකවැරටිය මූලස්ථාන පොලිසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බව සදහන්.

අදාල දැරියට කාන්තාවන් දෙදෙනකු පහරදෙන දර්ශණ ඇතුලත් වීඩියෝවක් රැගෙන දැරියගේ මව සහ මිත්තණිය පැමිණිල්ලක් කිරීම සදහා පොලීසියට ගිය අවස්ථාවේ පැමිණිල්ල සටහන් නොකර පැමිණිලිකාරිය ආපසු හරවා යැවීමට අදාල කාන්තා උපපොලිස් පරීක්ෂකවරියන් ක්‍රියා කර ඇති බවට චෝදනා එල්ලවනවා.

ඒ අනුව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට නිකවැරටිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post