අමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේදයන් හේතුකොටගෙන මේ වන විට මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තා තවදුරටත් උග්‍ර වී තිබෙන අතර ඒ අතර ඉරාකයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බවට පලවන වාර්තා අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා ඉරානයේ හමුදා ප්‍රධානි කාසෙම් සොලේමානි ඇමෙරිකාව විසින් එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු අතර මෙයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඉරානය ද පසුගියදා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබුණා.
කෙසේ වෙතත් පවතින අර්බුද හමුවේ ඇමෙරිකානු ජනපතිවරයා විසින් ඉරාන හමුදා ප්‍රධානි ඝාතනයට එරහිව ප්‍රති ප්‍රහාර එල්ල කෙරුනොත් පෙර දැනුම් දීමකින් තොරව තම රටද ඉරානයේ සංස්කෘතික පරිශ්‍ර 52 වෙත ප්‍රහාර එල්ලකරන බවට පැවසුවා.
ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය පිලිබදව ලෝක ප්‍රජාවගෙන් දැඩි විවේචන එල්ල වී තිබෙන අතර යුධ සමයේදී වුවත් සංස්කෘතික උරුමයන් සුරකින් බවට වන කෙටුම්පතකට ඉරානය සහ අමෙරිකාව අත්සන් තබා ඇති බැවින් මෙලෙස ක්‍රියා කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ සැලකෙන්නේ යුද අපරාධයක් ලෙස බවයි වාර්තා වන්නේ.