පවතින දුම්රිය කාල සටහනට අමතරව දුම්රිය ධාවන දින සංශෝධනයක් මෙම සතිය තුළ සිදුව ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
ඒ අනුව පවතින කාල සටහනට අමරතරව කොළඹ කොටුව සිට මහනුවර බලා සවස 5.20ට සිකුරාදා දින ධාවනය කරනු ලබන අංක 1033 දරණ දුම්රිය මෙම සතියේ බ්‍රහස්පතින්දා (09) හා සිකුරාදා (10) යන දින දෙක තුළම ධාවනය බව නිවේදනය කරනවා.
මහනුවර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා පෙ.ව 5.50 ට ධාවනය කරනු ලබන අංක 1034 දරණ දුම්රිය සිකුරාදා එම වේලාවටම ධාවනය වෙනවා.