ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට ඊයේ දිනයේදී වැසි ඇදහැලුණ බව විදෙස් වාර්තා පැවසුවා.
ඒ සමඟ මෙතෙක් ඉහළ අගයක පැවති එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ බැස ඇති බව සඳහන්.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සහ නැගෙනහිර වෙරළ තීරයේ සිඩ්නි සිට මෙල්බර්න් දක්වා ප්‍රදේශයට මෙලෙස වැසි ඇදහැලී තිබෙනවා.
වර්ෂාවත් සමග උෂ්ණත්වයද පහළ බැසතිබීම නිසා ළැව්ගිනි ව්‍යාප්තවීම පාලනය වුවද බ්‍රහස්පතින්දා දින සිට යළි උෂ්ණත්වය ඉහළ යනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරනවා.
ඒ සමග නිව්සවුත්වේල්ස් හා වික්ටෝරියා ළැව්ගිනි එකිනෙක හමුවී මහා ළැව්ගින්නක් හටගනු ඇතැයි සැක පළ වී තිබෙනවා.
ළැව්ගිනිවල බලපෑමෙන් ඔස්ට්‍රේලියාවට කිලෝමීටර් දෙදහසක් පමණ දුරින් පිහිටි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ අහස තැඹිලි පැහැයකට හැරී තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.