ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය ආරම්භ වීමට පෙර අදහස් දක්වමින් කි‍්‍රකට් විස්තර විචාරකයන් පවසා තිබුණේ ශී‍්‍ර ලංකා පිතිකරු ඕෂධ ප‍්‍රනාන්දුගේ පිතිහරණ රටාව දෙස තමන් වැඩි අවධානයකින් බලා සිටින බවයි.
මීට මාස කිහිපයකට පෙර පාකිස්ථානයේ ලාහෝර් නුවරදි තම මංගල විස්සයි විස්ස තරගය කී‍්‍රඩා කළ ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 30 කට ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් කඩුලු 03 ක් බිද වැටී තිබූ මොහොතකදී ඉතා ඉවසිලිවන්තව විස්සයි විස්ස තරග රටාව තුළ කී‍්‍රඩා කළ ආකාරය ඉතා ප‍්‍රශංසනීය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඕෂධගේ කී‍්‍රඩා රටාව හිටපු ශී‍්‍ර ලංකා පිතිකරු මහේල ජයවර්ධනගේ කී‍්‍රඩා විලාසය හා සමාන බවයි ඔවුන් පවසනවා.
ඒ අනුව අද තරගයේ වැඩි අවධානයක් දිනාගත් කී‍්‍රඩයෙකු ලෙස ඕෂධ ප‍්‍රනාන්දු හදුන්වාදිය හැකියි.