සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 09 කට ලකුණු 142 ක් රැස් කල අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා. එහිදී කේ. එල්. රාහුල් ලකුණු 45 ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 30 කට කඩුළු 02 ක් බිඳ හෙලීමට සමත් වුණා.