News Line| Off Air
Generic placeholder image

Jan
8

රන්ජන්ට එජාපයෙන් විනය පරීක්ෂණයක්

941 Views


රන්ජන්ට එජාපයෙන් විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිලිබදව විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා.

එම විනය විනය පරීක්ෂණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.

රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසින් සොයා ගත් සංයුක්ත තැටිවල අඩංගු කරුණු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කල අතර අදාළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඒ ඒ දුරකතන සමාගම් මගින් වාර්තා කැඳවීමට නියමිත බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post