News Line| Off Air
Generic placeholder image

Jan
8

දුරුතු පොහොය දා වසරේ පළමු චන්ද්‍රග්‍රහණය දිස්වේ

773 Views


දුරුතු පොහොය දා වසරේ පළමු චන්ද්‍රග්‍රහණය දිස්වේ

මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන අතර සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ මෙය සිදුවන බවයි පැවසෙන්නේ.

මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන ජනවාරි 10 රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වෙන අතර 11 දින අළුයම 2.42 ට දක්වා මෙම ග්‍රහණය පැවැත්වෙන බවත් උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ක් ගිය පසු දැකගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post