අමෙරිකාව විසින් බී ෆිෆ්ටි ටූ වර්ගයේ දිගුදුර බෝම්බ හෙළීමේ ගුවන්යානා 6ක් , ඉන්දීය සාගරයේ දියාගෝ ගාෂියාහි පිහිටි සිය හමුදා කඳවුර වෙත යවා තිබෙන බව වාර්තා වෙන අතර මෙය ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා නියෝගයක් ලද සැණින් භාවිත කිරීමේ අරමුණින් එම ගුවන් යානා ඉන්දීය සාගරය වෙත යවා ඇති බවටයි වාර්තා පල වන්නේ.
ඒ අනුව මෙම යානා ඉන්දීය සාගරයේ පිහිටි සිය රහසිගත හමුදා කඳවුරක අමෙරිකාව මෙම යානා ස්ථානගත කර තිබෙනවා. එමෙන්ම මැදපෙරදිග කලාපයට ඇමෙරිකානු සෙබළුන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට ද අමෙරිකාව මේ වන විට පියවර ගෙන තිබෙනවා.