News Line| Off Air
Generic placeholder image

Jan
8

නියගය පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් ඝාතනය කිරීමට මෙහෙයුමක්

1466 Views


නියගය පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් ඝාතනය කිරීමට මෙහෙයුමක්

ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කලාපයට බලපා ඇති නියගය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් පමණ ඝාතනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

නියගය බලපා ඇති දකුණු දිග කලාපයේ වෙසෙන ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කරන බැවින් එය වැළැක්වීම සඳහා මෙලෙස එම සතුන් මරා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව සදහන්.

දකුණු දිග ප්‍රදේශයේ වෙසෙන ආදිවාසීන් සිදුකර ඇති ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.. ඒ අනුව පුහුණුව ලැබූ විශේෂ තුවක්කුකරුවන් පිරිසක් විසින් හෙලිකොප්ටර් යානා මගින් ගොස් වෙඩි තබා මෙම ඔටුවන් මරා දැමීමට සැලසුම් කර තිබෙනවා.

එම මෙහෙයුම් අද (08) සිට ආරම්භ කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් ඔටුවන් නිවාස වලට ද හානි සිදුකර ඒවායේ ඇති වායුසමීකරණ කඩාදමා ජලය සෙවීමට පවා පුරුදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post