මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත් බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට හෝ වයඹ, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත් තුළ ස්ථාපිත කර ඇති එම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය වෙත යොමුකළ හැකියි.