නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 42 දෙනෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිසුවියන් මෙන්ම ගුරුවරුන් තුන්දෙනෙකු ද ඒ අතර වන බව අප වාර්තාකරු සඳහන් කළා.
පාසල නිමවී සිසුන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ ඔවුන් ක්‍රීඩා කිරීමට යොදාගත් බෝලයක් බඹර කූඩුවක ගැටීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා.
බඹර දෂ්ඨණයෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.
පාසලේ ගොඩනැගිල්ලක් මත බැඳ තිබෙන බඹර කුඩුව ඉවත් කරන ලෙසට නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට නුවරඑලිය පොලිසිය දැනුම් දිමක්ද කර ඇති බව වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.