News Line| Off Air
Generic placeholder image

Jan
8

ක්‍රිස් ගේල්ට පන්දු යැවීමේ තහනමක්

675 Views


ක්‍රිස් ගේල්ට පන්දු යැවීමේ තහනමක්

නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිටදඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ක්‍රිස් ගේල් 20/20 බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළා.

පසුගියදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂසහිත බවට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානය සිදුකළ පරික්ෂක්ණයේදී අනාවරණය වීමත් සමඟ එම අත්හිටුවිම සිදුකර ඇති බව සදහන්.

ඒ අනුව බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය අද (08) රාත්‍රී පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රිස් ගේල් තරග නොකරන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post