News Line| Off Air
Generic placeholder image

Jan
9

අමෙරිකාවේ ඉදිරි ක්‍රියාමාර්ග මත ප්‍රතිචාර දැක්වීමට ඉරානය සුදානමින්

798 Views


අමෙරිකාවේ ඉදිරි ක්‍රියාමාර්ග මත ප්‍රතිචාර දැක්වීමට ඉරානය සුදානමින්

ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් අතර ඇතිව තිබෙන නොසන්සුන්තාවය පිලිබදව මේ වන විට ලොව පුරා කතා බහට ලක්ව තිබෙනවා. මෙවැනි මොහොතක ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් සදහන් කලේ ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බවත් ඉරානය එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක ජාතිකයකු මියගොස් නොමැති බව අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මේ අතර ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හටාමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ අමෙරිකාවේ ඉදිරි ක්‍රියාමාර්ග මත සිය රටේ ප්‍රතිචාරය තීරණය වෙනු ඇති බවයි.

අමෙරිකාව පසුගිය දා සිය ප්‍රධාන හමුදා ජෙනරාල්වරයකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස ඉරානය විසින් ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර 22 කට අධික ප්‍රමාණයක් එල්ල කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post