භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළා.
මෙම වැඩපිළිවෙල යටතේ දුම්රිය මැදිරි දෙසීයක් (200) මුල් අදියර යටතේ අලුත්වැඩියා කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 2.3 ක් වෙන්කර තිබෙන බවත් ඔහු පැවසුවා.
මීට අමතරව නව දුම්රිය හතරක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙන බවත් එහි පළමු පරීක්ෂණ කටයුතු ඊයේ (08) සිදුකළ බවත් එතුමා ප්‍රකාශ කළා.
දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතු කරන දෙමටගොඩ දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අද (09) ඔහු මේ බව පැවසුවා.