සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.
එමෙන්ම කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.