News Line| Off Air
Generic placeholder image

Jan
9

ගුජරාට ප්‍රාන්තයේ සරුංගල් සැණකෙළියක්

827 Views


ගුජරාට ප්‍රාන්තයේ සරුංගල් සැණකෙළියක්

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වෙන සරුංගල් සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ඊට රටවල් 40කින් පුද්ගලයන් සහභාගි වී සිටින බව සඳහන්.

බටහිර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ වාර්ෂික සරුංගල් සැණකෙළිය පසුගිය අඟහරුවාදා දිනෙන් ආරම්භ වුණා.

අහමදාබාද් නගරයේ පැවැත්වෙන සැණකෙළියට රටවල් 40ක් නියෝජනය කරමින් සරුංගල් කණ්ඩායම් සහභාගී වී සිටිනවා.

විවිධ හැඩයන්ගේ සහ පැහැයන්ගේ සරුංගල් අහමදාබාද් ගුවන අලංකාර කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සැණකෙළිය සංචාරකයන්ටද අපූර්ව අත්දැකීමක් වී ඇති බවද මෙම සැණකෙළිය සමඟ හින්දු බැතිමතුන්ගේ මකර සංක්‍රාන්ති උත්සවයත් ආරම්භ වන බවද විදෙස් වාර්තා සදහන් කළා.

සතියක් පුරා පැවැත්වෙන සරුංගල් සැණකෙළිය ලබන අඟහරුවාදා දිනෙන් අවසන් වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post