News Line| Off Air
Generic placeholder image

Jan
9

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත්වීමට තීරණය කරයි

733 Views


හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත්වීමට තීරණය කරයි

ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමටද ඔවුන් විසින් තීරණයක් ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ රජ පවුලේ සාමාජිකයන් ලෙස ඉටුකල යුතු ඇතැම් චාරිත්‍රවලින් නිදහස් වීමට ඔවුන්ට අවස්ථාව පවතින බව සදහන්.

කෙසේවෙතත් රජ පවුලේ කිසිදු ඉහළ සාමාජිකයෙකුගේ අදහස් විමසීමකින් තොරව හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරුන් ප්‍රකාශ කර සිටියේ මේගන් මාර්කල් අමෙරිකාවේ උපත ලැබීමත් ඉදිරියේදී බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් දෙකෙහිම කටයුතු කිරීමට සිදුවීමත් මෙම තීරණයට බලපා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post