2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීමත් සමඟ මෙය සිදු වන බව සදහන්.
මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජනවාරි 10 රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම ආරම්භ වනු ඇති.
උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට වන අතර චන්ද්‍රග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම 2.42 ට යි.
ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට(පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුළින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන බවද චන්දන ජයරත්න මහතා පෙන්වා දෙනවා.
නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු නොවන බවත් එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හඳුනා ගැනීම තරමක් දුෂ්කර බවත් ඒ මහතා පැවසුවා.
ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වනු ඇති.
මෙම වසරේ ග්‍රහණ හයක් ඇති අතර ඒ සූර්යග්‍රහණ 4 ක්, වළයාකාර සූර්යග්‍රහණ 01 ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 01 ක් වශයෙනි.