News Line| Off Air
Generic placeholder image

Jan
10

ඉරානයේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව ඉරාන මිසයිලයක්මද?

659 Views


ඉරානයේදී  සිදු වූ ගුවන් අනතුරට හේතුව ඉරාන මිසයිලයක්මද?

පසුගියදා ඉරානයේදී කඩා වැටුණු ගුවන් යානයට හේතු වුයේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් බව ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. විශේෂයෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, ඉරාන මිසයිලයකින් එම යානය බිම හෙළා ඇති බවට බුද්ධි අංශ වාර්තා කිහිපයකින්ම හෙළිදරව් වී ඇති බවයි.

කෙසේ වෙතත් ඉරාන මිසයිලයක් මෙම අනතුරට හේතුවු බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරනවා. ඉරානය, ඉරාකයේ අමෙරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකක් වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර සුළු වෙලාවකට පසු මෙම අනතුර සිදු වූ හෙයින් අමෙරිකානු මාධ්‍ය උපුටා දක්වන්නේ මෙම ගුවන් යානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සදහා යොදවා ගත් අමෙරිකානු යුද ගුවන් යානයක් යැයි වරදවා වටහා ගත් ඉරානය , ඒ වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බවයි.

එමෙන්ම කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය එම යානය නිෂ්පාදිත බෝයිං ආයතනයට හෝ අමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post