එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සදහන් කළා.
කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
රටට අලුත් ගමනක් යාමේ බලාපොරොත්තු ඇතුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ බව එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියා.