News Line| Off Air
Generic placeholder image

Jan
11

ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී

635 Views


ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

පෙරවරු 10ට පමණ දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිළිගනු ලැබුවා.

දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු බව සදහන්.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.


News Articles
Latest Videos
Most Popular Post