සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවා.
ඒ ගුවන් යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි.කෙසේ වෙතත් ඒ වන විටත් එම මගින් දෙදෙනා මිය ගොස් තිබෙනවා. මේ වන විට එම සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබෙන අතර පොලීසිය සදහන් කරන්නේ එලෙස මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතික 64 හැවිරිදි පිරිමි අයෙකු සහ 74 හැවිරිදි කාන්තාවක් බවයි.
එමෙන්ම ලයන් එයාර් ගුවන් යානයේ සිටි තවත් මගියෙකුගේ මේ වන විට රෝහල්ගත කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.