අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරයේ උත්සවයකට පෙර ඒ අසල මාර්ගය සෝදිසි කල පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටසක් හමුව තිබෙනවා.
විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක මෙම උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටස සොයාගෙන ඇති අතර මේ පිලිබදව විශේෂ පරීක්ෂනයක් ක්‍රියාත්මක බව පොලිසිය වැඩි දුරටත් සදහන් කළා.