මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් ඇති වීමට ඉඩ නොතබන බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පහසුකම් සහිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවත් මේ අතර දේශපාලන නායකයින් වරප්‍රසාද සොයමින් ගිය යුගය අවසාන වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවා.