ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් නිකුත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.ඒ අනුව සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින් වැන්දඹු පවුල්, ස්ථිර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධවලින් පෙළෙන්නන් ඒ සඳහා හිමිකම් ලබනු ඇති.