2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණා. යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹිමට මෙවර අතිවිශාල ජනතාවක් සහභාගී වුණ බව වාර්තා වෙනවා.
වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ බොහෝ සරුංගල් නිර්මාණකරුවන් රැසක් සහභාගී වුණා.





