ඉදිරි මාස තුනක කාලය තුළ මෙතෙක් කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124 ක් තුළ ජාතික පාසල් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
මාතලේ ඊයේ පැවති පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තමන් විසින් එවන ලද චක්‍ර ලේඛයක් තමන් විසින්ම උල්ලංඝනය කිරීමට සිදු වූයේ යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.