News Line| Off Air
Generic placeholder image

Jan
17

වසර 25කට පසු කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර දෙයි

745 Views


වසර 25කට පසු කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර දෙයි

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.
තහනම ඉවත් කරමින් ඒ, සඳහා අවසර ලබා දී ඇති දේශීය ගුවන් සමාගම් ගණන 4කි.

පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි.

නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post