News Line| Off Air
Generic placeholder image

Jan
17

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද දෙවන වරටත් තරග බිමට

556 Views


ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද දෙවන වරටත් තරග බිමට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට තරගය ආරම්භ වෙනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය කඩුළු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

2005 වසරෙන් පසු ඉන්දියාව ලැබු දරුණුතම එක්දින පරාජය මෙය වන අතර ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව කඩුළු 10ක ජයක් වාර්තා කරන්නේ පළමු වතාවටයි. ඒ අනුව තරඟ 3කින් සමන්විත තරගාවලිය තරඟ 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post