අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාග කිරිමේ අරමුණින් එරට සෙනෙට් සභිකයින්, ජූරි සභිකයින් ලෙස දිවුරුම් දී තිබෙනවා.
එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් සෙනෙට් සභිකයින් කියා සිටියේ “අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම”වෙනුවෙන් තමන් මෙලෙසෙ දිවුරුම් දිම සිදු කරන බවයි.
ඒ, අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ගොනු කර ඇති දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් ලබන 21වැනිදා සිට නඩු විභාගය ආරම්භ කිරිමට අමෙරිකානු සෙනෙට් සභාව තිරණය කර තිබෙනවා.
අමෙරිකානු ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව සභිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත වන අතර රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයින් 53 දෙනකු, ඩිමොක්ක්‍රොටික් පාක්ෂික සෙනෙට් සභිකයින් 45 දෙනකු සහ ස්වාධීන සභිකයින් දෙදෙනකුගෙන් එය සමන්විත වෙනවා.
දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරන්නේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය බහුතර බලයක් පාලක රිපබ්ලිකන් පාක්ෂිකයින් සතුවිම හමුවේ ජනපති ට්‍රම්ට වැඩි වාසිදායක තත්ත්වයක් උදාවනු ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා, සෙනෙට් මණ්ඩලය හමුවේ ගොනුකිරීම සඳහා වූ යෝජනාව, පසුගියදා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී බහුතර ජන්දයෙන් සම්ම්ත වෙනවා.
සිය ප්‍රතිවාදී ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හෙළිවීමත් සමග ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ බලතල අවභාවිත කිරීම සහ කොංග්‍රසයේ කටයුතුවලට බාධා කිරීම යටතේදීයි.