News Line| Off Air
Generic placeholder image

Jan
17

ඛනිජ වැලි සම්පත සෘජුව අපනයනය කිරීම නවතයි

926 Views


ඛනිජ වැලි සම්පත සෘජුව අපනයනය කිරීම නවතයි

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා.

ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසුවා.

ඉහත පරිවර්තනය සඳහා අවශ්‍ය මුලික පියවර රැසක් මේ වනවිටත් ගෙන ඇති බවත් කඩිනමින් එය සාක්ෂාත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

සේවක පිරිස් මේ වනවිට මුහුණ දී ඇති ගැටලූ සහ ආයතනය හමුවේ වන අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව ඉතා වැදගත් වූ බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post