යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළීමට සිදුවීම ඉරානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බව එරට අධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් හමේනි සදහන් කළා.
ජාතික සමගිය වෙනුවෙන් ඉරානයේ සතුරන්ට එරෙහිව එක්වන ලෙසට සිකුරාදා යාඥා මෙහෙයවමින් ඔහු ඉරාන ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියා.
ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් යාඥා මෙහෙයවීම දුර්ලභ අවස්ථාවක් වන අතර ඊයේ දින ඔහු එම කටයුතු සිදුකරනු ලැබුවේ වසර 8 කට පමණ පසුව වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා සදහන් කළා.
පුද්ගලයන් 176 දෙනෙකු ගමන් කරමින් සිටියදී යුක්රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළීමට සිදුවූයේ අත්වැරදීමකින් බවයි ඉරානය පසුගියදා සඳහන් කළේ.
මෙම සිද්ධිය පදනම් කරගනිමින් ඉරානයට චෝදනා එල්ල කිරීමට අවස්ථාවක් උදාවීම හමුවේ ගුවන් අනතුර පිළිබඳ ඇතැම් පාර්ශව සතුටින් පසුවන බවද අධ්‍යාත්මික නායකයා චෝදනා කර තිබෙනවා.