News Line| Off Air
Generic placeholder image

Jan
18

ලක්‍ෂ 38 ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

728 Views


ලක්‍ෂ 38 ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

නීතිවිරෝධීව දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ ශී‍්‍ර ලාංකික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාව මීගමුව ප‍්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි අයෙකු බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න ප‍්‍රකාශ කළා.

අනෙක් සැකකරු මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔවුන්ගේ ගමන් මළුවල සගවා තිබී දුම්වැටි 64,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 323 ක් සොයාගෙන තිබෙනවා.

ඒවායෙහි වටිනාකම රුපියල් 38 ලක්‍ෂ 76,000 ක් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post