News Line| Off Air
Generic placeholder image

Jan
18

නිදහස් පක්ෂ විනය කමිටුව රැස්වෙයි

636 Views


නිදහස් පක්ෂ විනය කමිටුව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට රැස්වී තිබෙනවා.

මෙම විනය කමිටුට පෙනී සිටීම සඳහා රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා හා ඩිලාන් පෙරේරාගේ නීතිඥවරුන් කරුණු දක්වමින් සිටින බව සදහන්.

එමෙන්ම හාලිඇළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 5 දෙනෙකුට ද අද විනය කමිටුව හමුවට පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති අතර, එම මන්ත්‍රීවරු 5 දෙනා ඔවුන්ගේ නීතිඥවරුන් සමග නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා මෙන්ම නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරුණේ පසුගිය දා පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදියි.

ඒ අනුව ඔවුන්ට අද පැවැත්වෙන විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

නිදහස් පක්ෂයේ නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නිදහස් පක්ෂ සාමාජිකයින්ට එරෙහිව අද පැවැත්වෙන විනය කමිටුවේදී ගන්නා තීරණය මීළගට පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඉදිරිපත් කර ඒ අනුව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post