News Line| Off Air
Generic placeholder image

Jan
19

කටුනායක ගුවන් තොටුපල තුළ අනවසරෙන් රැඳී සිටි 9ක් අධිකරණයට

852 Views


කටුනායක ගුවන් තොටුපල තුළ අනවසරෙන් රැඳී සිටි 9ක් අධිකරණයට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා.

ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම් කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන ආකාරයෙන් රැදී සිට විවිධ බලපෑම් සිදුකළ මෙම සැකකරුවන් 09 දෙනා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අවුරුදු 31ත් 68ත් අතර වයසේ පසුවන ආඬිඅම්බලම, ගාල්ල, මිනුවන්ගොඩ, මීගමුව, හතරලියද්ද, වාරියපොල, සීදුව සහ වලස්මුල්ලයන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post