ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තිබෙන බව ශ්‍රී ලංකා නිවුන් සංගමය සදහන් කරනවා.
එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් සිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද පෙරවරු 10. 00ට පමණ පෙර එම හමුවට සහභාගී වෙන ලෙසයි.